205 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි


(අමල් වික්‍රමරත්න)

2017 උසස්පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් 205 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටවීමට සිදුවූ බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත මහතා පැවසීය. විභාග අක්‍රමිකතා සහ විවිධ වැරදි නිසා ප්‍රතිඵල අත්හිටවීමට සිදුවූ බව  ඒ මහතා වැඩි දුරටත් පැවසීය

2017 අධ්‍යාපන පොදුසහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා පාසල් විභාග අපේක්ෂකයන් 2,37,943 පෙනී සිටි අතර පෞද්ගලික අයදුම්කරුවෝ 77,284 ක් විභාගයට පෙනී සිටියහ.

මෙවර උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 163,104 සුදුසුකම් ලබා තිබේ.