2022 වසරේ පළමු ශ්‍රේණියට අයැදුම්පත් කැඳවයි


2022 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ  අයදුම්පත් ජූනි 30ට පෙර පාසල්වලට ඉදිරිපත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

සියලු අයදුම්පත් www.moe.gov.lk වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි බව ද අධ්‍යාපන අමාතයංශය පවසයි.

එම අයදුම් පත් නියමිත අයුරින් සම්පූර්කර ආසන්නතාවය, සහෝදර පදනම සහ ආදි ශිෂ්‍ය පදනම ආදි අංශ කීපයක් යටතේ ඉදිරිපත් කළ යුතුයි.

එක් සිසුවකුට ආසන්න පාසල් 5කය අයදුම් කළ හැකි බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.