නිමල් අල්ගේවත්ත
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිස් තම තමන්ගේ නඩු හබ වලින් බේරීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මුවා වෙමින් නව පක්ෂයක් තනන්ට කටයුතු කරමින් සිටින බවත් ඒවා අසාර්ථක උත්සාහයන් බවත් දකුණු පළාත් මහ ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.
අම්බලන්ගොඩ ප්ර දේශයේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
‘‘මේ අපේ පක්ෂය අවස්ථා කිහිපයක දී බෙදුනා. පුතා , දුව, අම්මා කියලා බෙදුනා. ඒ කියන්නේ අනුර සහ චන්ද්රකා මැතිණිය දාලා ගියා. ඒ වෙලාවේ මගෙන් ඇහුවා කට්ටිය අම්මා ගේ පැත්තෙ ද දුගේ පැත්තෙ ද කියලා. ඒ වෙලාවෙත් මම කිව්වේ මම තාත්තාගේ පැත්තේ කියලා. අපි ගහක අතු බදාගෙන ඉන්න අය නෙවෙයි. කඳ තමයි අපි බදාගන්නේ. ශ්රී ලංකා නිදහස් පක්ෂය අසීරු අවස්ථා වලට මුහුණ දීලා තියනවා. මහින්ද ,චන්ද්රිකා දෙන්න ම මේ රටට වැඩක් කළ අය. නමුත් අද අපේ පක්ෂයේ නායකයා මෛත්රීපාල ජනාධිපතිවරයා. මේ වෙලාවේ අපි පක්ෂය සමඟයි ඉන්න ඕන. පක්ෂය දෙකඩ කිරීමෙන් කාටවත් සෙතක් වෙන්නේ නෑ.
2021 වෙනකම් මේ රටේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන ජනාධිපති වගේම 2019 වසරේ අප්රේල් වෙනකම් දකුණේ මහ ඇමති මමයි. එතකොට පළාත් පාලන ආයතන පාලනය තියෙන්නේ මගේ අතේ. පළාත් පාලන ආයතන වලින් වැඩක් ගන්න නම් මීලඟ ඡන්දයේ දී දිනන්න ඕන ශ්රීලනිපයයි.‘‘

