(රංජන් කස්තුරි)
මෙවර ජනාධිපතිවරණය සඳහා භාවිතා කරන 2018 ඡන්ද හිමි නාමලේඛනය මේ දිනවල මහජන ප්‍රදර්ශනයට තබා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.
සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල එම නාමලේඛන ප්‍රදර්ශනය කර තිබෙන බවද මැතිවරණ කොමිසම කියයි.
ඡන්ද දායකයින්ට සාමාන්‍ය කාර්යාලවලදී එම නාමලේඛන පරීක්ෂා කළ හැකි අතර යම් ගැටළුවක් ඇත්නම් ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් ඒ පිළිබඳව විමසිය හැකි බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ජනාධිපතිවරණය සඳහා 2018 ඡන්ද හිමි නාමලේඛනය භාවිතා කරන අතර එම ලේඛනයට අනුව ඡන්ද දායකයෝ 15,992,096 ක් සුදුසුකම් ලබා සිටිති.

