(ඩබ්. ඒ. පියතිලක)
පසුගිය වසරේ දී දුම්රියේ ගැටිම හෙතුවෙන් පුද්ගලයින් 517 දෙනකු මරණයට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අධිකාරි අනුර පේ‍්‍රමරත්න මහතා පවසයි.
හරස් මාර්ග භාවිතයෙන් ජිවිත 16ක් ද දුම්රිය හරස් මාර්ගවලින් රථවාහන ධාවනයේදි සිදු වූ මරණ 60ක් ද සියදිවි නසාගැනිම් සහ නොයෙකුත් හේතු මත 441 දෙනකු ද මරණයට පත්ව ඇත.
දුමිරිය හරස් මාර්ග සංඥා නොතකා ගමන් කළ 134 දෙනෙකු සදහා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු දඩ මුදල් ලෙස රුපියල් 154950ක් අය කරගෙන ඇත. දිවයින පුරා පිහිටි දුම්රිය හරස් මාර්ගවලින් අපරික්ෂාකාරි ලෙස රථවාහන ධාවනය කිරිමත් දුම්රිය මාර්ගයේ ගමන් කිරිම වැනි හේතුත් නිසා මෙම පුද්ගලයන් මරණයට පත්ව ඇති බවත් 2016 වසරේ දි පුද්ගලයින් 470ක් මරණයට පත්ව ඇති අතර 2017 වසරේ එය 40 දෙනෙකුගෙන් ඉහළ ගොස් ඇති බව ප්‍රේමරත්න මහතා කියයි.

