(ඉන්දිකා රාමනායක)
2017 වසරේ මේ දක්වා සිදුකළ හෙරොයින් වැටලීම් වලින් රුපියල් කෝටි 13 ට ආසන්න වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් හෙරොයින් ප‍්‍රමාණය කිලෝ 14 ට අධික බවද පැවසේ.
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දන දිසාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීම් වලින් මෙම හොරොයින් ප‍්‍රමාණය අත්අඩංගුවට ගෙන ඇත.
අගෝස්තු සිට පිහිටුවා ඇති මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දන දිසාව විසින් සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් 160 කින් රුපියල් කෝටි අටකට අධික හෙරොයින් ප‍්‍රමාණයක් සමඟ සැකකරුවන් 167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීම් 285 ක් තුළ රුපියල් කෝටි 5 ට අධික වටිනා මත්කුඩු තොගයක් සමඟ සැකකරුවන් 303 දෙනක් අත්අඩංගුවට ගෙන ඇත.
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම එකිනෙක බැදුණු කි‍්‍රයාකාරකම් බවත් මේවා එකම පිරිසක් විසින් මෙහෙය වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවැනි වැටලීම් දිගින් දිගටම සිදුකරන බවත් එම වැටලීම් කිසිවකුටත් නැවැත්වීමට නොහැකි බවද අමාත්‍යවරයා කීය.
මෙරටින් මත්ද්‍රව්‍ය හා පාතාල තුරන් කිරීමේ දින වැඩි ඈතක නොවන බවත් එම කි‍්‍රයාදාමයට ජනාධිපතිවරයාගේ පුර්ණ ආශිර්වාදය හිමිව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විදෙස් රටවල වලට පැන සැඟව සිටින ප‍්‍රධාන පෙළේ පාතාලයින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමේ වැඩපිළිවෙලක් මේ වනවිට කි‍්‍රයාත්මක වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

