2016 දී ජනාධිපති ඇතුළු දූත පිරිසේ වියදම කෝටි 12½ යි


(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)                                           

වසර 2016 පැවති පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුවට සහභාගී වු ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස වෙනුවෙන් කෝටි 12½ කට ආසන්න මුදලක් වැයවී ඇතැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂණ පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය.

මේ සඳහා ආරක්ෂක නිලධාරීන් ඇතුළු 60 දෙනෙකු සහභාගී වී ඇති බව කී රාජ්‍ය ඇමැතිවරයා ඒ සඳහා රුපියල් දොළොස් කෝටි හතළිස් පන් ලක්ෂ දොළොස් දහස් නවසීය හැත්තෑවකුත් ශත තිස් නවයක මුදලක් වැය වී ඇතැයි කීය.

කොළඹ දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා ඒ බව පැවසීය.