2015 ලෝක රූ රැජින තරගයට ලංකාවෙන් යන ”තාරුකා තිළිණය”


 

   SAN_7548-C  

 

2015 ෆේෂියා මිස් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා රූ රැජිණ ලෙස මෙවර තේරී පත්වුණේ මේ සුරූපිනියයි. ඇය නමින් තිලිණි තාරුකා අමරසූරියයි. නිරූපණ ක්‍ෂේත‍්‍රයට අමුත්තියක නොවන ඇය වඩා ප‍්‍රකටව සිටින්නේ සුන්දර මනාලිය, ලස්සන මනාලිය යන නම් වලිනි. නිරූපණ ක්‍ෂේත‍්‍රයේදී ඇය වැඩිපුර පෙනී සිටින්නේ සුන්දර මනාලියක ලෙස වීම ඊට හේතුවය.

දැන් මේ සුන්දර මනාලිය සූදානම් වන්නේ  2015 ශ්‍රී ලංකා රූ රැජින ලෙස මෙම ඔක්තෝබරයේදී චීනයේ බීජිං නුවර පැවැත්වෙන ලෝක රූ රැජින තරගයට සහභාගිවීමටය. ඒ සඳහා සූදානම් වෙමින් සිටින මොහොතක ඇය සඳැල්ල කතාබහකට එක්වුණේ මෙලෙසිනි. 

 

 

dfh

 

 
button ‘තිලිණි’ ඔබ ගැන අප දන්නා දේට වඩා යමක් කිව්වොත්.
‘තිළිණි’ අහිංසකයි. බොරුවට අකමැතියි. අහිංසක වුණාට අහිංසක අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න පුළුවනි. මට මගේ ගැන හිතෙන්නෙ එහෙමයි.

 


button තවත් විස්තර කිව්වොත්? 
ගම කිරිබත්ගොඩ. ඉගෙන ගත්තේ විහාරමහාදේවි බාලිකාවෙන්. ලග්නය වෘෂභ. වයස අවුරුදු 20යි. උස අඩි 5යි අඟල් 6යි. සාමාන්‍ය පෙළ සමත්වූ පසු පාසලේ අධ්‍යාපනයෙන් ඉවත් වුණේ, ෆැෂන් ඩිසයින් ගැන උපාධියකට පෙනී සිටීමටයි. නමුත් දැනට ඒ අදහස ප‍්‍රමාද වෙලා. ශ්‍රී ලංකා  රූ රැජින වූ නිසා ලෝක රූ රැජින තරගය  නියෝජනය කිරීම දැන් තියෙන ලොකුම අරමුණයි. 

 


button රූ රැජිනක් වෙන්න හිතුවෙ ඇයි?
ඒක ඇත්තටම කුඩා කාලයේ ඉඳලාම මට තිබුණු  සිහිනයක්. මේ සිහිනය සැබෑ කරගන්න මම එළඹුණේ 2013 දීයි. මෙම රූ රැජින තරගයේදීම එදා 6 වැනි ස්ථානය ලැබුණා. එතකොට වයස අවුරුදු 18යි. ඉන්පසු අවුරුද්දකට පසු නැවතත් මෙවර තරගයට  ඉදිරිපත් වුණා

 


button වතාවක්  6 වැනිදා වූ ඔබ මෙවර පළවැනියා වේවි කියලා හිතුවද? 
පොඩි කාලයේ ඉඳලාම තිබුණු සිහිනයට මම ආදරය කළා. ඒ ආදරය නිසාම බලාපොරොත්තු අත්හැරියේ නැහැ. ඇත්තටම මෙවර තේරේවි කියලා ලොකු විශ්වාසයක් තිබුණේ. නමුත් අනෙක් තරගකාරියන් හැමෝම වගේ හරිම ලස්සනයි. ඒ නිසා පුංචි බයකුත් තිබුණා. මෙම තරගාවලියේදී මිනි පැජන්ට් තුනකදී ජයග‍්‍රහණ ලැබුවා. එවිට ආත්ම විශ්වාසය තවත් වැඩිවුණා.

 


button කුඩා  කාලයේදීම රූ රැජිනක වීමේ සිහිනය ඇතිවීමට හේතු වුණේ?
නිරූපණය හෝ විලාසිතා අංශය ගැන තමයි හිත තිබුණේ. රූ රැජින වීම ලොකුම සිහිනයක් වුණා.

SAN_7638

 


button ඒ කාලයේ ඉඳලාම ඔබ ලස්සනයි කියලා  හැමෝම කියලා තිබුණාද?
එහෙම නැහැ. නමුත් පැහැදිලි නර්තන සහ පිහිනුම් ඉසව් වලදී දක්‍ෂතා පෙන්වුවා. ඒ නිසා පාසැලේදී පුංචි පහේ තරුවක් වී සිටියාය කිව්වොත් නිවැරදියි. පාසලෙන් ලැබුණු අත්වැල නිසා මගේ සිහිනයට යා හැකි වුණා.

 


 button 2015 රූ රැජින  ලෙස ඔබගෙ නම ප‍්‍රකාශ වුණාම මොන වගේ හැඟීමක්ද ඇතිවුණේ?.
විස්තර කරන්න වචන නැති තරම්. හිතන්න කෙනෙකුට කුඩා කාලයේ ඉඳලාම තිබුණු සිහිනයක් ඉටුවුණාම ඇතිවන හැඟීම. තවම මට හැෙඟන්නෙ මම ඒ  හීනය ඇතුලෙ ඉන්නවා වගෙයි. ඒක ඇත්තටම ජීවිතයේ ලොකුම කඩඉමක්.

 

SAN_7612

 


button දැන් ලෝක රූ රැජින තරගයට යන්නේ කවදද?
මෙම ඔක්තෝබරයේ අවසානයේ චීනයට යා යුතුයි. අවසාන තරගය තිබෙන්නෙ නොවැම්බර් 19 වැනිදායි.  

 


button මොන වගේ ස්ථානක් ඔබට ලැබේවිද?
රටවල් 128ක සුරූපිනියක් ඊට දායක වෙනවා. ඒක ලොකුම අවස්ථාවක්. මට මගේ රටට අඩු තරමින් අවසන් 20 දෙනා අතරටවත් එන්න ලැබුණොත් ඒක ලොකුම අභිමානයක් වේවි. මේ දක්වා ලෝක රූ රැජින තරගයකදී ශ්‍රී ලංකාවේ සුරූපිනියකට අවසන් 20 අතරට ඒමට ලැබුණේ නැහැ. මෙවර හෝ ඒ අවස්ථාව ලැබේවි කියා හිතනවා.

SAN_7633


 button ඔබ ලස්සනයි කියලා කියනවට ආඩම්බරයිද?
ටිකක් ආඩම්බරයි. නමුත් ඒ නිසා කාටවත් රිදවීමක් ආඩම්බරතාවක් නොවෙයි. 

 

 

 
 

button ඔබ සුන්දර නිසා පිරිමි ළමුන්ගෙන් විවාහ යෝජනා එහෙම ලැබෙනවා ඇති නේද?
ඉල්ලීම් නම් බොහෝම තමයි නමුත් වැඩක් වෙන්නේ නැහැ.

 


button හේතුව ? 
විවාහ වන කෙනාට බහදීලා ඉවරයි. මෙම රූ රැුජින තරගයේදී විටෙක ආ අභියෝග හමුවේ මම පසු බෑ අවස්ථාවලදී මගේ අම්මා, තාත්තා, අයියා, සහ එයාත් ගොඩක් ශක්තියක් වුණා.

 


button සුරූපී කාන්තාවන් අතරින් ඔබ දුටු සුන්දරම කාන්තාව කවුද?
ජැකලීන් ෆර්නැන්ඩස්. 

SAN_7529


button ඇය මෙන්  ඔබත්, රඟපෑමට ඒවිද?
ආරාධනා ලැබුණා නමුත් මම රඟපෑමට එන එකක් නැහැ. නිවේදනය සහ නිරූපණය පමණක් කරාවි. 

 


button කාන්තාවක් කොහොම විය යුතුය කියලද ඔබ හිතන්නෙ?
කාන්තාවකට තම හැසිරීම යහපත් විය යුතුමයි. ඒ වගේම ඇය බුද්ධිමත් විය යුතුයි. අභියෝගවලට නොසැලී මුහුණදීමට වාගේම  ඕනෑම කෙනෙක්  එක්ක සුහදව සිටීම වැදගත්. සංගීතා වීරරත්න මහත්මිය අන්න ඒ වගේ චරිතයක්. ඇය ඇත්තටම කාන්තාවකට වගේම විශේෂයෙන්ම තරුණියක් වන අපට හොඳ මාර්ගෝපදෙශිකාවක්. ඒ ගැන කියන්නම  ඕනෑ.

 

SAN_7525

විලිසිතා Nathaliz

sadun-gamage