2015 වසරේදි පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන එක් දින තරගාවලියේ දී ජයග්‍රාහී කණ්ඩායමට ලබා දෙක ලෝක කුසලානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් අද දිවයිනට ගෙන එනු ලැබීය.
මෙය ලෝක කුසලානය තරගාවලිය සඳහා සඳහා සහභාගී වන රටවල් 12 ක වෙත ගෙන යාමට නියමිතය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති මොහාන් දි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලදාරී ඈස්ලි දි සිල්වා, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උපනායක ළහිරු තිරිමාන්න යන අය එක් වුහ.

