2012 විස්සයි- 20 ලෝක කුසලාන තරගවලිය


අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් ලබන වසරේ ශී‍්‍ර ලංකාවේදී සංවිධානය කරනු ලබන විස්සයි-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ලබන වසරේ සැප්තැම්බර් මස 18 වැනිදා ශී‍්‍ර ලංකා පිල සහ සිම්බාබ්වේ පිල අතර හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි. මෙම තරගාවලිය සැප්තැම්බර් මස 18 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වා පැවැත්වෙයි. විස්සයි-20 පිරිමි තරගාවලිය සහ කාන්තා ලෝක කුසලාන තරගාවලිය යන තරගාවලි දෙකම එකම දිනවලදී ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙයි. පිරිමි තරගාවලියේ තරග හම්බන්තොට, පල්ලෙකැළේ සහ කොළඹ ආර්. පේ‍්‍රමදාස යන කී‍්‍රඩාංගණවලදී පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග හැර කාන්තා තරගාවලියේ සියලූම තරග ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි.
ඡායාරූපය : රොමේෂ් ධනුෂ්ක සිල්වා
2012 ලෝක කුසලාන තරගාවලියේ නිල ලාංඡුනය එළිදැක්වීමේ උත්සවයේදී අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරී හරූන් ලොගාර්ට් මහතා විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපති උපාලි ධර්මදාස මහතාට තරගාවලියේ නිල ලාංඡුනය ප‍්‍රදානය කළ අවස්ථාව