2011 වසරේ ජනපි‍්‍රය කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීම
‘සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන 2011’ ප‍්‍රදානයේ වසරේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයා සම්මානය සඳහා ක‍්‍රීඩකයෝ පස් දෙනෙක් තියුණු තරගයක නිරතව සිටිති. හිටපු නායක කුමාර් සංගක්කාර, නායක තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග, මහේල ජයවර්ධන සහ ඇන්ජලෝ මැතිව්ස් එම ක‍්‍රීඩකයෝ වෙති.
පාඨක කෙටි පණිවුඩ (එස්.එම්.එස්.) අනුව වසරේ ජනපි‍්‍රයම කි‍්‍රකට් කී‍්‍රඩකයා තෝරා ගනු ලබන අතර ඉකුත් 14 වැනිදා වන විට කෙටි පණිවුඩ සහ අන්තර්ජාලය ඔස්සේ ලැබී තිබු මනාප සංඛ්‍යාව 10,000 කට ආසන්න බවද සංවිධායක කමිටුව ප‍්‍රකාශ කරයි.
ක‍්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුමට ඇතුළත් කී‍්‍රඩකයන් 100 දෙනකු අතරින් ජනප‍්‍රිය කී‍්‍රඩකයා තේරීම සඳහා මේ මස 25 වැනිදා දක්වා ජනතාවට කෙටි පණිවුඩ හා අන්තර්ජාලය ඔස්සේ මනාප යොමු කළ හැකිය. ඡන්ද විමසීම පසුගිය මස 22 වැනිදා ආරම්භ විය.
අදාළ කී‍්‍රඩකයන් 100 දෙනාගේ තොරතුරු www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය. සියැට් (ceat ..... ) හිස් තැනක් තබා කී‍්‍රඩකයාගේ නම සඳහන් කර ඕනෑම දුරකතන ජාලයකින් 6797 අංකයට යොමු කිරීමෙන් තමන් ප‍්‍රිය කරන කී‍්‍රඩකයාට මනාපය පළ කළ හැකිවේ. අන්තර්ජාලය ඔස්සේ www.ceatsrilankacricketawards යන වෙබ් අඩවියට පිවිසීමෙන්ද මනාප පළ කිරීමේ අවස්ථාව කී‍්‍රඩා ලෝලීන්ට හිමිව තිබේ.
මනාප යොමු කරන්නන් අතුරින් කුසපත් ඇදීමකින් තෝරා ගන්නා 10 දෙනකුට සම්මාන ප‍්‍රදානෝත්සවය නැරඹීමේ ප‍්‍රවේශපත් පිරිනමන බවද සංවිධායක කමිටුව පවසයි.
2009 වසරේ ජනතාවගේ කී‍්‍රඩකයා ලෙස නායක තිලකරත්න ඩිල්ෂාන් ද, පසුගිය වසරේදී කුමාර් සංගක්කාර ද සම්මාන ලැබුහ. සම්මාන ප‍්‍රදානෝත්සවය මේ මස 29 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්වීමට නියමිතය.

