20 වැනි සංශෝධන ව්‍යවස්ථාව කතානායකට බාර දෙයි


ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
 
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම ඇතුළත්  20 වැනි සංශෝධන ව්‍යවස්ථාව  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස කතානායක කරු ජයසුරිය  මහතාට අද (25) උදෑසන බාර දෙනු ලැබීය.


මෙම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට මීට පෙර බලයට පත් වු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ යන හිටපු ජනපතිවරු දෙදෙනා මෙන්ම 2015 ජනවාරි  8 වැනි දා බලයට පත් වු වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පොරොන්දු වී තිබිණි.