20 ට සහාය දුන් මන්ත්‍රීවරුන් සිව්දෙනකු සජබෙට


(නිමල කොඩිතුවක්කු )

ආණ්ඩුවට සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු සමගි ජන බලවේගයට සහයෝගය ලබාදීමට තීරණය කර ඇත.

ඔවුන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී සමගි ජන ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසීමේ බව දැනුම් දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ, එච් එම් එම් හාරිස්, එම් එස් තවුෆික්,ෆයිසල් කාසීම් යන මහත්වරුන් සහ  සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ඉෂාක් රහුමාන් යන මහත්වරු මෙලෙස සමගි ජන බලවේගය සමග යළි එක්ව තිබේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ මෙම මන්ත්‍රීවරුන් පිරිස ආණ්ඩුව සමග එක්වූහ.

රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගැනීම උදෙසා සමගි ජන බලවේගයට සිය සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කළ ඔවුන් ඉදිරි දේශපාලන කටයුතු සියල්ල සමගි ජන බලවේගය සමග එක්ව සිදුකරන බවද මෙහිදී පැවසීය.