විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට සමහරුන් බොරු මුනිච්චාවට කකුල් මාට්ටු දමන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසිය.
සමහර දේහපාලන පක්ෂ විසි වැනි සංශෝධනය කඩාකප්පල් වනතුරු බලා සිටින බව කී විපක්ෂ නායකවරයා එක්සත් ජාතික පක්ෂයේ අද සිටින්නේ එවැනි පටු මානසිකත්වකැයි ද ප්‍රකාශ කළේය.
“අපි බලය ඉල්ලන්නේ ජාතික ආණ්ඩුවකට යන්න නොවේ.මන්ත්‍රී ආසන 113 ක් ලබාගෙන අපිට අපේම ආණ්ඩුවක් පිහිටුවා ගැනිමටයි ඒ හැකියාව අපට තිබෙනවා . ජාතික ආණ්ඩු ඕනෑය කියන්නේ එවැනි හැකියාවක් නැති උදවිය යැයිද ඔහු කීය.”

