20 ට සහය ගන්න ජවිපෙ මහින්ද හමුවට


( නාලක සංජීව දහනායක)
 
විශේෂ සාකච්ඡාවක් සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ පිරිසක් මේ වන විට කොළඹ මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි  විපක්ෂ නායක කාර්යාලයට පැමිණ තිබේ.
 
මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබා ගැනීමට මෙම සාකච්ඡාව පැවැත්වේ.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන සුනිල් හදුන්නෙත්ති,  විජිත හේරත්  යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටිති.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)