20 ගැන විපක්ෂ නායක අදහස් අහයි


මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ මතය විමසීමට පෙර විපක්ෂයේ මතය කුමක්දැයි යන්න විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා වහා රටට හෙළි කළ යුතු යැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ බහුතරයක් නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවිධ පිරිස් විවිධ මත ප්‍රකාශ කරන හෙයින් මෙම සංශෝධන සම්බන්ධයෙන් විපක්ෂනායක මතය දැන ගැනීම වැදගත් බවද ඔහු කීවේය.