19 මහා උසාවියේ


19 වැනි  ව්‍යවස්ථා සංශෝධනයට   පක්ෂව  සහ  විපක්ෂව  දේශපාලන  පක්ෂ  නියෝජිතයින්   ඉදිරිපත්   කළ පෙත්සම්   ශ්‍රේෂ්ඨාධිකරණයේ දි   අද (02) සලකා බැලීය.

මේ  අවස්ථාවට   විපක්ෂ නායක   නිමල්   සිරිපාල   ද  සිල්වා    සභා නායක  හිටපු   අමාත්‍ය   දිනේෂ්   ගුණවර්ධන  එක්සත්   ජාතික  නිදහස්   සන්ධානයේ   මහලේකම්   හිටපු   අමාත්‍ය   සුසිල්   ප්‍රේමජයන්ත  යන  මහත්වරුන්   ඇතුළු  නිතිඥ  කණ්ඩායමක්    මේ  අවස්ථාවට   පැමිණි  අතර   ඔවුන්   මාධ්‍ය   හමුවේ  අදහස්   දැක්වුහ.

ජනතාවගේ   බලයට   පළුද්දක්   නොවී   විධායකයේ   බලයත්   ව්‍යවස්ථාදායකයේ බලයත්   හුවමාරු  කරන්නේ   කෙසේ   දැයි  විමසා   බැලිම  තමයි   මේ   නඩුව  හරහා   සිදුවෙන්නේ  යැයි   සුසිල්   ප්‍රේමජයන්ත  මහතා    කිය.

‘මුළු  රටම  බලා   හිඳින මොහොතක්  මේ.  පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය  විසින්   දෙනු   ලබන  අර්ථකථනය   පිළිබඳ   අපේ  අදහස්   අපේ  යෝජනා   ඉදිරිපත්  කරන්න අපි   පක්ෂයක්   විදියට  බලාපොරොත්තු   වනවා.‘ යැයි   දිනේෂ්  ගුණවර්ධන  හිටපු   අමාත්‍යවරයා  පැවසිය.

 

 

RDS_1223 RDS_11716 RDS_117214