19 න් පහළ - 13 න් පහළ පාසල් ක්‍රිකට් තරග අත්හිටුවයි


මේ දිනවල රටේ පවතින තත්ත්වය හේතුවෙන් වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට අදාළ සියලු තරග මෙන්ම වයස අවුරුදු 13න් පහළ තෙවැනි කොටසේ තරගාවලියට අදාළ තරග නැවත දන්වන තුරු නොපැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය තීරණය කොට ඇත.