(එෆ්.අස්ලම්)
19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උත්සහායට දැඩි විරෝධය පළකර සිටින දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජනාධිපතිවරයාගේ එම උත්සහාය පරාජය කිරීම සඳහා නැගී සිටින බව අවධාරණය කර සිටී.
18 වන ව්‍යවස්ථා සංශෝධනය ඒකාධිපති පාලනයක් බිහිකරන බවට ජනාධිපතිවරයා සඳහන් කිරීම පිළිගන්නා නමුදු 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ දේශපාලන අස්ථාවර බවක් ඇති කර ඇති බව නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවද මෙම පක්ෂ අවධාරණය කරයි.
18 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයා සතු අසීමිත ඒකාධිපති බලතල 19 ව්‍යවස්ථා සංශෝධනය තුළින් අහෝසි කිරීමට හෝ සීමා කිරීමට හැකිව තිබේ. එම සංශෝධනය තුළින් පාර්ලිමේන්තුවට බලතල වැඩිකරමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට හැකිව තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.
ඒකාධිපතිත්වය අහෝසි කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කැප වෙමින් ජනාධිපතිවරයා කටයුතු කළ බවත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් ජනාධිපතිවරයා සතු අසීමිත බලතල පාර්ලිමේන්තුව වෙත පැවරීමට එකඟත්වය පළකරමින් මූලික වී කටයුතු කළ නායකයා ද මෛත්‍රීපාල සිරිසේන මහතා බවද සුමන්තිරන් මහතා කීය.
එසේ ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කළ ජනාධිපතිවරයා 19 වන ව්‍යවස්ථා සංශෝධනය රටට ශාපයක් බවට මෙන්ම එතුළින් හා අරාජිකත්වයක් ඇතිකර තිබෙන බවට කරන ප්‍රකාශය දෙමළ ජාතික සන්ධානය වශයෙන් සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බවත් දෙමළ ජාතික සන්ධානය 19 වන සංශෝධනය ඉවත් කිරීමට කිසිදු ආකාරයෙන් ඉඩනොදෙන බවත් සඳහන් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ස්ථාවරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එම කොංග්‍රසයේ නියෝජ්‍ය නායක යූ.ටී.එම්.අන්වර් මහතා පැවසුවේ ජනාධිපතිවරයා වත්මන් වාතාවරණයේ දී කටයුතු කරන ආකාරය ගැන සෑහීමට පත්විය නොහැකි බවයි.
රටේ දේශපාලන අස්ථාවරත්වය හටගැනීමට මූලික හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොවන බවත් පාලකයාගේ ඇති දුර්වලකම ඊට හේතුවී ඇති බවත් රට ශක්තිමත් වීමට නම් ආණ්ඩුව ශක්තිමත්ව පැවතිය යුතු බවත් හෙතෙම කීය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවත් 19 වන සංශෝධනය අහෝසි කිරීමට කිසිදු ආකාරයෙන් සහය නොදක්වන බවත් හෙතෙම කීය.
ප්‍රජාතන්ත්‍රවාදයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව රටේ දේශපාලන අස්ථාවර භාවයක් ඇති කළැයි ජනාධිපතිවරයා බවත් ජනාධිපතිවරයාගේ එම තීරණය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය ද අනුමත කරනු ලැබුවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයාට හිමි අසීමිත බලතල අහෝසි කිරීමෙන් යැයි ද මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක අන්වර් මහතා අවසන් වශයෙන් සඳහන් කළේය.
ඡායාරූපය - ඒඑෆ්පී (ළහිරු හර්ෂණ)



