බිඟුන් මේනක ගමගේ
ශ්‍රී ලංකාවේ ශාන්තිකර්ම ගණයට ගැනෙන 18 සන්නියෙහි වෙස් මුහුණු හා අවස්ථා නිරූපණය කරමින් මුද්දර 18 ක් හා සිහිවටන පත්‍රිකා තුනක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.
රෝග දහ අටකට අධිපති රෝගකාරක යක්ෂයින් පලවාහැරීම දහ අට සන්නියෙන් සිදු වන බව ජන විශ්වාසයයි.
මෙම මුද්දර නිර්මාණ කරනු ලැබ ඇත්තේ මුද්දර නිර්මාණ ශිල්පී කුමුදු තාරක විසිනි.