(රොමේෂ් මධුෂංඛ)
යුද්ධයෙන් මිය ගිය ජනතාව සිහිකෙරෙන හෙට (18) ශෝක දිනයක් ලෙස සලකා උතුරේ සියලු පාසල්හි පලාත් කොඩිය අඩකුඹු කරන ලෙසට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් මහතා ඉල්ලීමක් කර තිබේ.
උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් උතුරේ සියලුම පාසල්හි විදුහල්පති වරුන් හා ගුරුවරුන්ගෙන් මෙම අදාල ඉල්ලීම සිදු කර තිබේ.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ පසුගිය අවුරුදු 30 ක කාලය පුරාවට යුද්ධය හේතුවෙන් තරුණ තරුණියන් මෙන්ම විශාල ජනතාවක් මිය ගිය හේතුවෙන් ඔවුන්ට සිදු කෙරෙන් ගෞරවයක් හා සිහිකිරීමක් වශයෙන් හෙට (18) දින මුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී උදෑසන 11ට පහන් දැල්වීම සිදු කෙරෙන අතරම ඒ වෙනුවෙන් උතුරු පලාතේ පිහිටි පාසල්හි පලාත් ධජය අඩකුඹු කරන ලෙසට ඉල්ලා සිටින බවටත්ය.