16 න් පලිගැනීමට අරලියගහ මන්දිරයේ සැලසුමක් - ලක්ෂ්මන් යාපා


නිමල කොඩිතුවක්කු
 
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමෙන් පලිගැනීමට අරලියගහ මන්දිරයෙන් සැලසුම් ක්‍රියාත්මක වන බවත් මෙහි පළමු බිල්ල ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී  ටී. බී  ඒකනායක මහතා ලබන සදුදා මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයට කැඳවා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

 
මෙයට විරෝධය පල කරමින් ටී. බී  ඒකනායක මහතා සමඟ තම කණ්ඩායමේ 16 දෙනාම එදිනට මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය වෙත යන බවද ඔහු කියා සිටියේය.
 
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ බොරුල්ල නිවසේ පිහිටි  නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
 
       ‘‘පන්සලක හාමුදුරු කෙනෙකුට පෙරහැරක් සංවිධානය කිරීම සඳහා වාහනයක් ලබා දීම ලෙස ඒ මහතා කැඳවා ඇති බවත් මේ පලිගැනිම් වලට විරුද්ධව අනෙකුත් බලවේග සමඟ එක්ව ආණ්ඩුවට විරුද්ධව සටනක් ආරම්භ කරන බවත් ඔහු එහිදී කියා සිටියේය.‘‘