16 දෙනාගේ හෘද සාක්ෂියේ සම්මන්ත්‍රණය හෙට මාතරදී


(නිමල කොඩිතුවක්කු)


ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායම සංවිධානය කරන හෘද සාක්ෂියේ  නිදහස සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු සම්මන්ත‍්‍රණය මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගනයේදී හෙට (26) පෙරවරු 9.30ට ආරම්භ වේ.


මේ සදහා පොදුජන පෙරමුණ ඇතුලූ අනිකුත් දේෂපාලන පක්ෂ  වලට ආරාධනා කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.


නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ බොරුල්ල නිවසේ පිහිටි  නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙසේද කීවේය.


අපේ කණ්ඩායමේ ඓතිහාසික මුල්ම වෙඩිල්ල 26 වැනි දා මාතරදී  පත්තු කරනනවා. මෙම රැස්වීම සඳහා පොදුජන පෙරමුණ ඇතුළු අනිකුත් පක්ෂ වලට  අපි ආරාධනා කරලා තියෙනවා.


මෙම වැඩපිළිවෙළ  වටා තමයි එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ගොඩ නැගෙන මේ මහා දැවැන්ත සන්ධානය හදන්නේ.  ජාතික සහජීවනය, ජාතික ආර්ථිකය කේන්ද්‍ර කරගනිමින් අපි මෙම කටයුතු කරනවා.  

 
මෙහි මූලික කටයුතු සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ නායකත්වයෙන් යුත් කමිටුවක් විසින් සිදුකරගෙන යනවා. මේ සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් අපිත් සමඟ එකතු වී සිටිනවා යැයිද ඔහු කියා සිටියේය.