සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී
ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමටත් පාර්ලිමේන්තුවේ කමිටුවලට සහභාගිවීමට අවස්ථාව උදාකරදෙන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (24) විශේෂ ඉල්ලීමක් කළේය.
ප්‍රේමජයන්ත මහතා මේ ඉල්ලීම කළේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
සුසිල් ප්‍රේමජයන්ත මහතා
ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමටත් පාර්ලිමේන්තුවේ කමිටුවලට සහභාගීවීමට අවස්ථාව උදා කර දෙන්නැයි ඉල්ලමින් අපි නිමල් සිරිපාල ද සිල්වා ඇමති තුමාට ලිපියක් බාර දුන්නා . අපි ඒක දුන්නේ ජනාධිපතිතුමාගේ එකඟතාව අනුවයි.නමුත් තවම ඒක අවධානයට යොමු වෙලා නෑ.අපට ඒ අවස්ථාව දෙන්න.එහෙම නොවුණහොත් මේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වෙනවා .
කතානායක කරු ජයසූරිය මහතා
මම මේකට පියවර අරගෙන තියෙන්නේ.සන්ධානයෙන් තමයි නම් දිය යුත්තේ.සන්ධාන නායකතුමා නම් දීමට එකඟ වුණා.
16 ටත් පාර්ලිමේන්තුවේ කමිටුවලට සහභාගිවෙන්න ඉඩ දෙන්න - සුසිල් ප්‍රේමජයන්ත
Recommended Articles