(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප ඇමැතිවරුන් හා ජනාධිපතිවරයා අතර තීරණාත්මක හමුවක් අද (24) පස්වරුවේ පැවැත්වෙයි. විපක්ෂයේ අසුන් ගැනීමට ගෙන ඇති තීරණය, පක්ෂයේ ප්‍රධාන තනතුරුවල සංශෝධනය, මැයි දින උත්සවය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ලංකාදීපයට පැවැසීය.
විදේශ ගතවුණු හිටපු ශ්‍රීලනිප ඇමැතිවරුන් තිදෙනා ද අද මෙරටට පැමිණීමට නියමිත බවත් ඔවුන් තිදෙනාද මේ සාකච්ඡාවට සහභාගිවන බවත් ඒකනායක මහතා කීවේය. ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීමේ තීරණයේ කිසිදු වෙනසක් නැති බව කී හිටපු රාජ්‍ය ඇමැතිවරයා විපක්ෂයේ අසුන් ගැනීමේ තීරණය ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දෙන බවද සඳහන් කළේය.