නාලක සංජීව දහනායක
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් 16 කණ්ඩායම හෙට (12) හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවන බවට විවධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවද එවැනි හමුවක් සඳහා ඉල්ලීමක් ලැබී නැති බව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, අධ්‍යාපනඥයින්, දේශපාලනඥයින් ඇතුලු සමාජයේ විවිධ පුද්ගලයින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා හමුවී සාකච්ඡා කිරීම සාමාන්‍ය බවත් මාධ්‍යයෙන් ප්‍රචාරය වූ ආකාරයට ශ්‍රී.ල.නි.ප 16 කණ්ඩායම අතර නිල හමුවක් නොපැවැත්වෙන බවද මාධ්‍ය ඒකකය සඳහන් කරයි.