16 කණ්ඩායම සමඟ දේශපාලන ගමනක් ගැන සැකයි - මන්ත්‍රී සොයිසා


නාලක සංජීව දහනායක
 
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සමඟ දේශපලාන ගමනක් යා හැකිදැයි යන ප්‍රශ්නය තමන්ට ඇතිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (29) පැවැසීය.

 
ඇමතිධූර දැරූ සමයේදී ඔවුන් කළ කී දෑ සම්බන්ධව ජනතාව කලකිරීමකින් පත්ව සිටින බවද මන්ත්‍රීවරයා කීය.
 
මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිල නිවසේ දී අද (29)  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.