(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත‍්‍රීවරු 16 දෙනා ඒකාබද්ධ විපක්‍ෂයට එනවානම් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය පිළිගෙන ප‍්‍රකාශයක් කර 2019 පැවැත්වෙන ජනපතිවරණයේ දී මහින්දගේ අනුමැතියෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයාට සහාය දියයුතු බව ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. රංජිත් ද සොයිසා මහතා පැවසීය.
ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
වැඩිදුරටත් අදහස් පළකළ රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා
‘ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයාගේ සිට පහළම මට්ටමේ රජයේ සේවකයා දක්වා වත්මන් රජයේ බදු බරින් පීඩාවට පත්වෙලා තියනවා. රජයේ සමහර නිලධාරීපන්තීන් සඳ හා උපයනවිට ගෙවීමේ බද්දක් හඳුන්වලා තියනවා. ව්‍යාපාරිකයන්ට වැට් ඇතුළු විවිධාකාර බදු පනවලා තියනවා. ගොඩනැගිල්ලක් බද්දට දුන්නොත් ලැබෙන මුදලින් 10%ක් අනිවාර්යයෙන්ම ඉඩම් හිමියා රජයට බදු ගෙවිය යුතු වෙනවා.
උපකාරක පන්ති ගුරුවරයා අද රටේ අධ්‍යාපනයට විශාල මෙහෙයක් ඉටු කරනවා. රජයේ රැකියා ඉල්ලලා කරදර නොකර තම හැකියාවන් මත ඔවුන් කරන්නේ විශාල සේවයක්. අද ඔවුන්ටත් හොයන මුදලට 10%ක බද්දක් පනවලා.
විනිශ්චයකාරවරයාගෙනුත්, ලෙඩාගෙනුත්, සාමාන්‍ය මිනිහාගෙනුත්, ටියුෂන් ගුරුවරයාගෙනුත් අද බදු ගන්නවා. මංගලගේ අයවැයෙන් අවමංගල බදු ගන්නවා. ලූනු පැකට් එකේ ඉඳලා යාන වාහන දක්වා බදු අයකරගෙන රූපවාහිනී, ගුවන් විදුලි සහ පුවත්පත් දැන්වීම් යනවා බදු ගෙවූ ඔබට ස්තුතියි කියලා. බදු අය කරන්නේ නැතුව රටක් දියුණු කරන්න බෑ. ඒක අපිත් පිළිගන්නවා. මේ ආණ්ඩුව මේ අයකරන බදු වැය කරන්නේ මොනවටද කියලා ප‍්‍රශ්නයක් තියනවා.
මේ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු 126ක් ඉන්නවා. ඒ අයගෙන් 87 දෙනෙක් කැබිනට්, නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමති තනතුරු දරනවා. ඉතිරි අය අධීක්‍ෂණ මන්ත‍්‍රීවරු කරලා රුපියල් 75000ක මාසික දීමනාවක් එක්ක, කාර්යාල, යාන වාහන ඇතුලූ පහසුකම් රැසක් දීලා. අධීක්‍ෂණ මන්ත‍්‍රීවරයා නියෝජ්‍ය ඇමතිවරයාට සමානයි. දැන් මේ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු නෑ. රටේ ජනතාවගෙන් ගන්න බදු මුදල් ආණ්ඩුවේ පැවැත්මට යොදනවා මිස රටේ දියුනුවට, සංවර්ධනයට යාදවන්නේ නෑ.
රාජපක්‍ෂ ආණ්ඩුව මෙගා කැබිනට්ටුවක් දාගෙන හිටියා කියලා චෝදනා කරන අගමැතිවරයාටත්, ඇමතිවරුන්ටත් අපි අභියෝග කරනවා ආණ්ඩුව ඇතුලේ මන්ත‍්‍රී වරප‍්‍රසාද පමණක් අරගෙන වැඩ කරන එක මන්ත‍්‍රීවරයෙක් හරි ඉන්නවනම් පෙන්වන්න කියලා. විපක්‍ෂයේ හිටියත් ආණ්ඩුවට අතඔසවන සහ ආණ්ඩුවේ සිටින මහජන නියෝජිතයන්ට අපි අභියෝග කරනවා ඔබ ජනතාවගේ බදු මුදල් ලබාගෙන සුඛෝපභෝගී ජීවිත ගෙවනවා කියලා.
වැඩිහිටියන්ගේ, දරුවන්ගේ, ගිණුම්වල පොලියෙන් බදු ගන්නවා. ඒටීඑම් කාඞ් එකෙන් මුදල් ගන්නකොට 5%ක් බදු ගන්නවා. මේ ආණ්ඩුව බදු, දඩ සහ ණය මත යැපෙන ආණ්ඩුවක්. ණය සහ ආධාර අපිට දැනෙන විදියට මේ ආණ්ඩුවට ලැබෙන්නේ නෑ. ඒ නිසා බදු සහ දඩ මත දුවන ආණ්ඩුවක් මේක. 1815 බලය අල්ලාගත් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුව හා සමානයි මෛත‍්‍රීපාල- රනිල් හවුල් මේ ආණ්ඩුව.
හාරදහසකව සිටි පළාත් පාලන මන්ත‍්‍රීවර ගණන අද අට දහසක් බවට වැඩි වෙලා. මන්ත‍්‍රීවරුන්ගේ පඩි ගෙවාගන්න බැරි මට්ටමට සමහර පළාත් පාලන ආයතන පත්වෙලා තියනවා. පළාත් පාලනය එදාවේල ටුවර්ස් බවට අද පත්වෙලා. පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ට පඩි ගෙවාගන්න බැරි රජයකින් පළාත් පාලන අයතන මගින් ගමේ සංවර්ධනයක් කෙරෙයි ද කියලා අපිට දැන් හිතාගන්න පුලූවන්. ඔන්න ඕක තමයි රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ ගම්පෙරළිය.
ගොවියා මත බදු පැනවීම මත එළවලූ පළතුරු සහ අලවර්ග විදෙස් රටවලට යැවීම කඩා වැටිලා ඒවාගේ මිල තුට්ටු දෙකට වැටුණ. විදාතා මධ්‍යස්ථාන මගින් පුහුණුව ලබාගෙන අඹ, අන්නාසි, කෙසෙල් වගේ පළතුරු වියළා ටින් කරලා පුද්ගලික ආයතන, රුසියාව, ඇමරිකාව, එංගන්තය වැනි රටවලට යැව්වා. අද ඒවා නැවතිලා තියනවා. මේ නිසා වෙළඳපොලේ පළතුරු මිල වේගයෙන් අඩුවෙලා තියනවා. කෘෂි නිෂ්පාදන වලට මිලක් ලබා දෙන්න බැරුව කෘෂිකර්ය අද වල්මත් වෙලා ගිහිං.
ග‍්‍රාමශක්ති ගම් කියලා අලූතින් හදන්න දෙයක් නෑ. තියන ගම්වල අස්වැන්නට නිසි මිලක් ලබාගත හැකි ක‍්‍රමවේදයක් සකස් කරන්න කියලා අපි කෘෂිකර්ම ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ආණ්ඩුවේ සරු කාලය ගිහිල්ලා. ආණ්ඩුව දැන් ගැබ් ගැනීම් වෙන්නේ නෑ.
ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට වසමේ වැඩ කරන්න දුන් කෝටි එක හමාරම ස්වේච්ඡුා සංවිධනවල නම් දාගෙන මන්ත‍්‍රීතුමා ම කොන්ත්‍්‍රතුව අරං. එවැනි ස්වේච්ඡා සංවිධාන දැන් අසාදුගත කරලා. උදාහරණයක් හැටියට ගොඩකවෙල එවැනි ස්වේච්ඡා සංවිධාන 10ක් අසාදු ලේඛනගත කරලා.
ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඒකාබද්ධ විපක්‍ෂයට ගිය කිසිම මන්ත‍්‍රීවරයෙක් ආයෙත් ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයට එකතුවෙලා ආණ්ඩුකරන්න සහාය දෙන්නේ නෑ කියලා අපි කියනවා. යනවා නෙවෙයි දැන් ඉන්න කට්ටියත් මෙහාට මෙහාට පනිනවා. ඉන්න කට්ටිය රැුක ගන්න මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පූචානම් කතා කියන්න සිදු වෙලා තියනවා. ඉදිරියේ දී ආණ්ඩුවේ ඔලූගෙඩි ගණන එන්න එන්ම අඩුවෙනවා. මේ යන්නේ ආණ්ඩුවේ අවරෝහණ කාලයයි.
මහින්ද රාජපක්‍ෂ මහත්තයා පිනට අගමැතිකමට පත් කරන්න අපි සුදානම් නෑ. රනිල් මෛත‍්‍රීට අභියෝග කර ජනසම්මතයෙන් අගමැති කරන්නයි අපි බලාපොරොත්තු වෙනනේ. 16 කණ්ඩායමත් එක්ක විසඳ ගැනීමට බැරි ප‍්‍රශ්නයක් නෑ. ඒ නිසා අපි දෙගොල්ලන්ට එකතුවීමේ ගැටලූවක් කොතනකවත් නෑ. ඒ කණ්ඩායම තමයි සුළුතර රනිල්ට සහාට දෙන්න ගිහිං, මහින්ද රාජපක්‍ෂ මහත්තයාට අගමැතිකම නැති කළේ. අද ඒ අයට ඒ කළේ වරදක් කියලා තේරිලා තියනවා.
මහින්ද ඇරුණම බැසිල් තමයි තියන අභියෝගය. එතුමන් දක්‍ෂ සංවිධායකවරයෙක්. එතුමන්ට ගහන්න දෙන්න බෑ. තුනෙන් දෙකේ බලයක් තිබූ ආණ්ඩුවක් දින 365ක් තුල දණින් අල්ලලා බිම ඇන්නේ බැසිල් රාජපක්‍ෂ මහත්තයා නායකත්වය දුන් පොහොට්ටුව බව කියන්න ඕනෑ. දාසයේ කණ්ඩායමට අපි කියන්නේ දෙපැත්තක් බෑ. දොන් නම් දොන් සිමන් නම් සිමන්. දොන් සිමන් දෙකක් බෑ කියලා. එකම නායකයා මහින්ද රාජපක්‍ෂ විය යුතුයි කියලා පිළිගන්න ඕනෑම කෙනෙක් අපිත් පිළිගන්නවා.
අපි දාසයේ කණ්ඩායමට කියනවා 2019 සැප්තැම්බර් තියන ජනාධිපතිවරණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉදිරිපත් කරන මෛත‍්‍රීපාල සිරිසේන අපේක්‍ෂකයාට සහාය දෙනවාද අපේ පැත්තෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට සහාය දෙනවද කියලා ප‍්‍රසිද්ධියේ කියන්න කියලා.
මහින්ද රාජපක්‍ෂ මහතා නම්කරන ඔහු සමග එකඟත්වයෙන් වැඩකරන බවට නම් කරන ජනාධිපති අපේක්‍ෂකයා කවුරු වුණත් ඔහු සමග කොන්දේසි විරහිතව සහාය දෙන්න ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම සුදානම් බවද රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා කීවේය.
හිටපු සබරගමු පළාත් සභා මන්ත‍්‍රී අනුර අලගියවන්න, ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභා සභික ගයාන් මේනක දිසානායක යන මහත්වරු ද එකව සිටියහ.