ඕස්ට්‍රේලියා මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සරණාගතයන් ශ්‍රී ලංකාවට යැවීමේ අදහසක් නැතැයි ඕස්ට්‍රේලියා රජය ඕස්ට්‍රේලියා මහාධිකරණය හමුවේ කියා සිටියේය.
ඉන්දියාවේ සිට ගිය මෙම පිරිස පසුගිය ජූලි 07 වැනි දා අත්අඩංගුවට ගෙන මුහුද මැද රඳවාගනු ලැබ සිටිති.
දින තුනක ලිඛිත දැන්වීමකින් තොරව බෝට්ටුවේ සිටින පිරිස් ආපසු නොයවන බව ඕස්ට්‍රේලියා රජය කියයි.
විනිසුරු කෙනත් හේන් පැවසුවේ ඕස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයන් අතරමඟ දී බලෙන් නවතා ඕස්ට්‍රේලියාව හැර වෙනත් රටකට යැවීමේ බලය ඕස්ට්‍රේලියාවට ඇද්ද යන්න මෙම සිද්ධියෙන් මතුවන බවයි.
නඩුව අද සවස යළිත් කැඳවේ.


