(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මාතලේ ,පලාපත්වල කිරිගල්පොත්ත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටින අවුරුදු 14ක් වයස දැරියකට පිහියකින් කොටා බරපතළ තුවාල සිදු කළේ යැයි කියන එම දැරියගේ පියා මාතලේ මුලස්ථාන පොලීසිය විසින් අද (2) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පිහි පහර කෑම් වලට ලක්වූ දැරිය මාතලේ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය කියයි.
මෙම දැරියගේ අත් දෙකේ,කන ප්‍රදේශයේ සහ නළල ප්‍රදේශයේ කැපුම් තුවාල දක්නට ඇතැයි මාතලේ මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මාතලේ මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

