13 නපුරු නෑ


 ප්‍රමාණයට වඩා  පටවාගෙන විල්පත්තුව බැලීමට ගිය 18 දෙනකු රැගත්  ධීවර බෝට්ටුවක් විල්පත්තුව පලුගහතුරේ දී පෙරලීමෙන් 5 දෙනකු මියගොස් ඇතැයි වනාතවිල්ලුව පොලිසිය කියයි. සෙසු 13 දෙනා නාවික හමුදාව සහ ධීවරයින් විසින් බේරාගනු ලැබූහ. මියගිය 5 දෙනා තලංගම උතුර පදිංචි විනුලි දනුනලියා (4) ඇගේ මව චම්පිකා ශිරෝමි (35) , චතුරිකා සුභෂිණි (20), ලලනි ගෝමස් (40) සහ ජුඩ් දයානන්ද පෙරේරා (55) යන අය බවට හඳුනාගෙන ඇත. මියගිය පිරිස පලුගස්තුරේ නාවික හමදා මුරපොළේ  නාවික  භටයකුගේ නෑයන් බව ද වාර්තා වේ. සාමාන්‍යයෙන් අට දෙනකු යන බෝට්ටුවකින් 18 දෙනකු ගමන් කර ඇතැයි පොලිස් ආරංචි කියයි.