13 කණුවේ කළු ගල ඉවත් කරන්න-ඌව ආණ්ඩුකාර


ලුණුගල ප්‍රසන්න පත්මසිරි

පස්සර 13 කණුව අසළදි බස් රථයක් ප්‍රපාතයට පෙරළීමට ප්‍රධානම හේතුව බව කියන මාර්ගයට වැටී තිබෙන කළු ගල වහාම ඉවත් කරන ලෙස ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට නියෝග කළේය.

පළාතේ ආයතන ප්‍රධානීන් සමග ආණ්ඩුකාරවරයා නිළ නිවසේ පැවති රුස්වීමකදි පළාතේ මාර්ග වල තිබෙන අවදානම් ස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙසද අදාල බළධාරීන් උපදෙස් දී තිබේ.

බස් රථ අනතුරින් මිය ගිය අයගේ පවුල් වල සාමාජිකයින්ට පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය,පළාත් ආණ්ඩුකාර අරමුදල සහ රක්ෂණ සමාගමකින් වන්දි මුදල් පරිත්‍යග කිරීමටද නියමිතය.