
(විනීතා එම් ගමගේ)
උපකාරක පන්ති සිදුකරන මුවාවෙන් 12 හැවිරිදි දරුවෙකු ලිංගික අපයෝජනයකට ලක්කළ 22 හැවිරිදි ගණිත ගුරුවරයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් අද (19) අත්අඩංගුවට ගනු ලැබීය.
ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන මෙම සිසුවාගේ පියා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු වන අතර තම පුත්‍රයාට ගණිතය විෂය සඳහා මිතුරකු මාර්ගයෙන් සොයාගත් ටියුෂන් ගුරුවරයකු මෙම අපරාධය සිදුකර ඇත.
2018 වසරේ සිට මෙම අපයෝජනය සිදුවෙමින් ඇති අතර ඒ පිළිබඳව එම සිසුවා තම මිතුරෙකුට පවසා ඒ ඔස්සේ දෙමව්පියන් වෙත සිද්ධිය සැළවී ඇතැයි ද ඒ අනුව දරුවා හා දෙමාපියන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණ සභාපතිවරයා වෙත පැමිණිලි කර ඇතැයි ද ළමා ආරක්ෂක අධිකාරිය කියයි.
දරුවාගේ කාමරයේ දීම උපකාරක පන්තිය පවත්වා ඇති අතර මුලදී කාමරයේ දොරගුළු හැරදමා පන්තිය කරගෙන ගියත් පසුව ඔහු දොරගුළු වසාගෙන පන්තිය පවත්වා ඇති බවත් ඔහු එහි දී දරුවාට අසභ්‍ය චිත්‍රපට පෙන්වා ඇති බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
මෙම සිසුවා ලිංගික ක්‍රියාවන්ට අකමැත්ත පළ කර ඇතත් අසභ්‍ය චිත්‍රපට පෙන්වමින් ඔහු පොළඹවාගෙන ඇතැයි එම සිසුවා කළ ප්‍රකාශ වලින් හෙළි වූ බව ද ඔහු කියා සිටියේය.
මෙම අපයෝජනයන්ට දරුවා ලක්වන අවස්ථාවන් හිදී දරුවාගේ මවත් මිත්තණියත් නිවසේ සිට ඇතැයි ද එහෙත් මේ තත්ත්වය වළක්වා ගන්නට දැනුවත් නොවීම කණගාටුවට කරුණක් බවත් මේ සම්බන්ධව ලංකාදීපයට අදහස් දක්වමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවැසීය.
කෙසේ වෙතත් මේ සම්බන්ධව දෙමව්පියන්ට නොදැන්වූ හේතු ලෙස දරුවා පවසා ඇත්තේ පියාගේ මිතුරෙකු විසින් සොයා දුන් අයෙක් වූ බැවින් ද දෙමව්පියන්ට නොකියන්නැයි ගුරුවරයා බල කළ බැවින් ද කිසිවෙකුටත් නොපැවසූ බව යැයි ද විදානපතිරණ මහතා කීය.
සැකකාර ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් දරුවා මනෝ සාමාජීය ප්‍රථිකාර සඳහා යොමු කළ බවත් කී සභාපතිවරයා ඉතා පහසුවෙන් වළක්වා ගත හැකි අපයෝජනයක් මෙසේ සිදුවූයේ මව ගේ හෝ මිත්තණියගේ අවධානය ගිලිහී යාමෙන් යැයි පැවැසීය.
කිසිඳු අවස්ථාවක උපකාරක පන්ති ගුරුවරුන් විශ්වාස කර දරුවන් ඔවුන් සමඟ තනි නොකරන්නැයි ඉල්ලා සිටි ඔහු අවධානය තබා නොගත්තොත් අවදානම ඉතිරි වනු ඇතැයි ද සඳහන් කළේය.

