(සමන් පාලිත නානායක්කාර)
කොස්ලන්ද කැළිපනාවෙල ප්‍රදේශයේ දී 12 හැවිරිදි දරුවකුගේ කටට බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
කොස්ලන්ද කැළිපනාවෙල ප්‍රදේශයේ ගෙවත්තකදී මෙම වෙඩි තැබීම සිදු වී ඇතැයි ද පොලිසිය කියයි.
මුඛය ආශ්‍රිත ප්‍රදේශයේ බරපතළ තුවාල ලබා සිටි මෙම පිරිමි දරුවා සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල පළාත් මහ රෝහලට මාරු කර යවා ඇතැයි ද පොලීසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධව 21 හැවිරිදි තරුණයකු වෙඩි තැබීමට යොදාගත් බෙහෙත් කොටන තුවක්කුව සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

