118 ගැන කිව්වේ මම නොවෙයි කැෆේ - දයාසිරි


බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබූ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගෙමන් මුදල් ලැබුණේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතාගෙන් රහස් පොලිසිය අද පැය පහක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
 

පර්පචුවල් සමාගමෙන් මුදල් ලබා දුන් මන්ත්‍රීවරුන් 118 දෙනකුගේ ලැයිස්තුවක් ඇතැයි මුලින්ම කීවේ තමා නොවන බවත්, එය මුලින්ම කීවේ කැෆේ සංවිධානය බවත් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 
අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ලැබී ගැනත් එලෙස ලැබුණැයි කියන 118 දෙනාගේ ලැයිස්තුව ගැනත් රහස් පොලිසිය ප්‍රශ්න කළ බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.