11 වැනි කොරෝනා රෝගියාට එරෙහිව විමර්ශනයක්


(නිමන්ති රණසිංහ)

11 වැනි කොරෝනා රෝගියාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ගල්කිස්ස පොලිසිය ගල්කිස්ස වැඩබලන මහේස්ත‍්‍රාත් සී. ඒ. ධර්මතිලක මහතා ඉදිරියේ අද  (16) කරුණු වාර්තා කර ඇත.

”කොවිඩ් - 19 හෙවත් කොරෝනා” රෝග ලක්ෂණ වැළඳී ඇතැයි දැන දැනම එය වසන් කර එයට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධියකට අදාළ මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

1897 අංක 3 දරන රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥාපනතේ 4 සහ 6 වගන්ති ප‍්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ  262, 263, සහ 264 වගන්ති ප‍්‍රකාරව මෙම සැකකරුවන් දෙදෙනා වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ගල්කිස්ස පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ පීරිස් මාවත ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කොරෝනා වෛරසය වැළදී ඇතැයි මේ වන විට තහවුරු කරගෙන ඇති 45 හැවිරිදි 11 වැනි රෝගියාට සහ ඔහුගේ බිරිඳට එරෙහිවය.