105 වසක් විසූ බුද්ධප්‍රිය හිමියෝ අපවත් වෙති


බටපොළ, බටකැලේ සිරි උත්තමාරාමය සහ ශ්‍රී ධර්මපාල දහම් පාසලේ නිර්මාතෘ උත්තරාරාමාධිපති අමරපුර ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ ගාලු දිසාවේ උතුරු වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක තෙල්වත්තේ බුද්ධප්‍රිය නාහිමියෝ අද (12) අපවත් වූහ.

අපවත්වන විටි 105 වැනි වියේ පසුවූ  උන්වහන්සේගේ දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය 17 වැනි සිකුරාදා බටපොළ ඊරියගහදොළ පොදු ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතය.

DSC_6045 DSC_6046 DSC_6059