100 -101 බස් වර්ජනයක



 
එච්. එම්.ධර්මපාල    

                                                             
පානදුර - පිටකොටුව, මොරටුව - පිටකොටුව මාර්ග අංක 100 හා 101 යන පෞද්ගලික බස් රථ අද (18)  සිට සම්පූර්ණයෙන් ධාවනයෙන් ඉවත් වී වර්ජනයක යෙදී සිටිති. 


මේ නිසා අද උදෑසන සිට පාසල් ළමුන් කර්යාල සේවකයන් විශාල ප්‍රමාණයක් ගාලු පාර ඔස්සේ පිටකොටුව දක්වා යාමට අපහසු වීමේන් දැඩි පීඩාවට ලක්වී සිටිනු ද දක්නට ලැබුණි. 


මෙම වර්ජනයට හේතුව වී ඇත්තේ ගාල්ල, මාතර, අම්බලන්තොට, කතරගම වැනි දුර ප්‍ර‍දේශ වලින් පැමිණෙන  සියළු බස් රථ පානදුර සිට පිටකොටුව, කොල්ලුපිටිය දක්වා වන ගාලු පාර සෑම බස් නැවතුමකම නවත්වා මගීන් විශාල ලෙස පටවා ගැනීම සිදුකරන බැවින් අංක 101 - 100 බස්රථ වලට මගීන් අඩුවීමෙන් තම දෛනික ආදායම් අඩුවී යන බවයි.