'සුරවිරු රණ ගී ගැයුනේ මව්බිම දියුණට පොරණේ'


ශ්‍රි ලංකා  යුද හමුදාවේ  පාබල රෙජිමේන්තුවට ජනාධිපති  වර්ණ ධජය සහ රෙජිමේන්තු ධජය පිරිනැමීම ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  පනාගොඩ  පිහිටි ශ්‍රි  ලංකා  පාබල හමුදා  මුලස්ථානයේදී අද (26) සිදු කෙරිණි.

1957 දි  දෙවැනි  එලිසෙබත්  මහ රැජිණ  විසින්ද, 1978 දි හිටපු  ජනාධිපති  ජේ.ආර්.ජයවර්ධන මහතා  විසින්ද ශ්‍රි  ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට  වර්ණ ධජ  ප්‍රදානය කළහ. යම් බල ඇණියක් හෝ රෙජිමේන්තුවක්  විසින් තම රටට කරන ලද අභිමානවත්  සේවය හා භට  පිරිස්  විසින් සිදු කරන ලද වික්‍රමාන්විත ඇගයිමක්  වශයෙන්  රටේ  රාජ්‍ය නායකයාගෙන්  ලැබෙන උතුම්ම සම්මානය මෙය වේ.

යුද්ධයේදි  දිවිදුන්  ශ්‍රි ලංකා  පාබල හමුදාවේ  සියලු රණවිරුවන් සිහිකිරිම පිණිස ඉදිකළ රණවිරු  ස්මාරකය විවෘත කිරිම ද ජනාධිපති අතින් සිදුවිය. ෆීල්ඩ්  මාර්ෂල්  සරත් ෆොන්සේකා ,ආරක්ෂක ලේකම්  කරුණාසේන හෙට්ටිආරච්චි  ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු ද මේ අවස්ථාවට  එක්වුහ.

RDS_3164 RDS_3189 RDS_3273 RDS_3345 RDS_3392 romesh