ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සිදුවී ඇතැයි කියන වංචා සහ දුෂණ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිම් සඳහා ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති කොමිසමට කැඳවමින් නිකුත් කළ නොතිසි බාර ගැනිම නිශාන්ත වික්‍රමසිංහගේ බිරිඳ ප්‍රතික්ෂේප කොට ඇතැයි වාර්තා වේ. ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්තිගේ සහෝදරයෙකි.
නොතිසි බාර දීම සදහා කොමිසමේ විමර්ශන නිලධාරින් වික්‍රමසිංහ මහතාගේ ගල්කිස්සේ නිවසට ගිය අවස්ථාවේදි සැමියා මාස ගණනාවකින් නිවසට පැමිණි නැති බව කියමින් එම නොතිසි බාර ගැනිම වික්‍රමසිංහ මහත්මිය ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති පරික්ෂණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වික්‍රමසිංහ පදිංචි ස්ථිර ලිපිනයක් තමන් නොදන්නා බවත් කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් පවසා ඇති බවද වාර්තා වන අතර වික්‍රමසිංහ පදිංචි ස්ථානය සොයාගෙන කොමිසම හමුවට කැඳවමින් නිකුත් කොට ඇති නොතිසි ඔහුට බාර දිමට කටයුතු කරන බවද කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

