(අංජුල මහික වීරරත්න)
රනිල් බලයට ආවේ රාජපක්ෂවරුන් බේරා ගැනීමට නොව රාජපක්ෂවරුන්ගෙන් රට බේරා ගැනීමට බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
පරිණත නායකයන් කවුදැයි හඳුනා ගන්නට හැකියාව ඇත්තේ රටට අසීරු මොහොතක දී බව කී පාලිත රංගේ බණ්ඩාර මහතා "බල්ලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ"ජාතියේ නායකයන් දැන් අවලංගු කාසි වී ඇතැයිද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කාන්තා සමුළුවකට එක්වෙමින් මහලේකම්වරයා මේ බව පැවැසීය.