'රට යන හැටි හරිම නෑ‘


රට යන   ක‍්‍රමය ගැන කිසි සේත් සතුටුවිය නොහැකි බවත්, අල්ලස, දුෂණය, ඥාති සංග‍්‍රහය රජයන බවත්, මේ ක‍්‍රමය වෙනස් විය යුතු යැයි මහජනයාටද දැන් දැන් හැඟීමක් ඇතිවීම හොඳ ලකුණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ ද, නැතිනම් පොදු අපේක්ෂකයකුට සහාය දෙන්නේද යන්න ගැන තවම අවසන් තීරණයකට එළඹ නැතැයි ද දිසානායක මහතා ලංකාදීප ිඑසැණ හමුවේ‘ දී පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණට දැන් විශාල පිරිසක් එක්වෙමින් තිබෙන බවත්, පක්ෂය කඩාගෙන ගිය කුමන්ත‍්‍රණකරුවන් හැර ජවිපෙන් ගිය  සෙසු පිරිස් සම්බන්ධ කර ගැනීමට සාකච්ඡුා පැවැත්වෙන බවත් ඔහු කීවේය.

අනුර කුමාර දිසානායක මහතා සමග පැවැත්වූ සාකච්ඡාව පහත වීඩියෝවෙන්...