නාලක සංජීව දහනායක
ජනතාව බදු බරින් මිරිකී සිටින මොහොතකදී රජය පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමට තීරණය කිරීම ඉතාම අසාධාරණ ක‍්‍රියාවක් බව ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
මන්ත‍්‍රීවරුන්ට වැටුප් වැඩි වෙන්නේ 2006 වසරෙන් පසුවයි. ව්‍යවස්ථානුකූලව අධිකරණ ක්‍ෂේත‍්‍රයට සමාන්තරව ව්‍යවස්ථාදායකයේ පඩි වැඩි විය යුතුයි. දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිවීම නවතා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමට ආණ්ඩුව ගත් තීරණය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත්, මෙය අනවශ්‍ය ක‍්‍රියාවක් බවද මන්ත‍්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (2) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

