(දිල්රුක්ෂි ග්‍රේරු)
පුද්ගල ඝාතන , මත්කුඩු ජාවාරම් හා සම්බන්ධ පාතාල සාමාජිකයකු වන මොහොමඩ් සියාම් හෙවත් ‘ජී බුම්මා‘ නැමැත්තා ගම්පොල නිවසක සැඟව සිටියදී අද ( 13) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය කළ විශේෂ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු , මේ වන විට ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකි .
පසුගිය දිනකදී ‘කුඩු චුටි‘නැමැත්තියට ඇගේ නිවස තුළදී වෙඩි තැබු සිද්ධියට මෙන්ම තවත් ඝාතන රැසක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ අරඹා තිබු බවද විශේෂ කාර්ය බළකායේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

