'ප්‍රභාකරන්' නිෂ්පාදකට වැලේ වැල් නෑ


ත්‍රස්තවාදයේ කුරිරු බව චිත්‍රපටයට නගා ලෝකය හමුවට ගෙන ගිය තාමාගේ සියලු සේසතම ප්‍රභාකරන් සිනමා පටය නිසා නැති වු බව එහි නිෂ්පාදක රෝමයේ ඔස්මන් ද සිල්වා මහතා කියයි.

 ආලම්කුලමේ හැදුනු වැඩුනු තමා ජයශ්‍රිමහා බෝධියට එල්ලවු අමානුෂික ත්‍රස්ත ප්‍රහාරය සියැසින් දුටු බවත්, එදා සිතුනු සිතුවිල්ලකට අනුව ප්‍රභාකරන් චිත්‍රපටය නිපද වූ බවත්, චිත්‍රපටය වෙනුවෙන් රුපියල් ලක්ෂ 175ක් වියදම් කළත් තමාට ලැබුණේ රුපියල් ලක්ෂ පහක් පමණක් බවත් හෙතෙම කියයි.

 රෝමයේ තිබු දුරකතන මධයස්ථානයක්, කුලුබඩු වෙළද සැලක්, අඩක් ගෙවා මිලදි ගත් නිවස, රෝමයේදි අනතුරකට ලක්වීම නිසා ලද රුපියල් ලක්ෂ 50ක මුදල් තමාට අහිමි වී අතැයි ද,   මේ වනවිට රොමයේ මහලු කාන්තාවක් බලා ගනිමින් තමා ජීවත් යන බව ද සිල්වා මහතා පවසයි.