'චෝල ආක්‍රමණයට පෙර පුලතිසිපුර ජනාවාස'


පොළොන්නරුව ඉපැරණි  පුරාවිද්‍යා  බිමේ  අංක 02 ශිව දේවාලය ආසන්නයේ සිදුකළ පුරාවිද්‍යා  කැණිම්වලදී  පොලොන්නරු යුගයට  පෙර  බොහෝ  දුරට  අනුරාධපුර  යුගයට  අයත්  යැයි  සැළකිය හැකි  ගොඩනැගිලි  සංකිර්ණයක පාදමක් හමුවු  බව ඒ අනුව චෝල ආක්‍රමණයට  පෙර ස්ථිර  ජනාවාස මෙහි  තිබු  බවට  වංශථාවල සඳහන්  තොරතුරු  සම්බන්ධයෙන්  විශ්වාසනියත්වයක්  ඇතිවන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්  ප්‍රියශාන්ත ගුණවර්ධන පැවසුවේය.

ආදි මානවයා  පිළිබඳව අපට  මෙතෙක්  තොරතුරු  අනාවරණය  වන්නේ  බලංගොඩ සබරගමු  පළාතෙන්  යැයි වියළි කලාපයේ  දී  ආදි  මානවයා  විසු  බවට  පැහැදිලි  සාධක ලෙස ගලින්  නිමවන ලද කුඩා  ගල් ආයුධ , යකඩ වලින්  ආයුධ තනා  ගත් බව විශ්වාස කළ හැකි  යබොර  කොටස්  ආදිය ද හමුවී  ඇතැයි  මහාචාර්ය ගුණවර්ධන මහතා  කිවේය.

බොහෝ දුරට  මෙම කුඩා  ගල් ආයුධ සතුන් දඩයම්  කිරිමෙන්  පසු  එම සතුන්ගේ  සම්  ඉවත්  කිරිමට  කුඩා  කැබැලිවලට  ඉරා  ගැනිම සඳහා භාවිතා  කරන්නට  ඇති බවට  විශ්වාස කරන බවස කීවේය.

පොළොන්නරුවේ සිදු කෙරෙන මෙම පුරාවිද්‍යා  කැණිම්  සහ පර්යේෂණ වසර  05 ක ව්‍යාපෘතියකි.

මධ්‍යම  සංස්කෘතික අරමුදලේ  මෙහෙයවීමෙන්  ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා  එංගලන්තයේ  බරන් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළීබඳ මහාචාර්ය රොබින්  කනින්හෑම් මහතා ද එක්ව සිටි. මෙයට  අමතරව නේපාලය, ඉන්දියාව, බංගලාදේශය යන රටවල පුරාවිද්‍යා විශේෂඥයින්ද මෙරට  විශ්ව විද්‍යාල ගණනාවක පුරාවිද්‍යා  විෂය හදාරන ශීෂ්‍ය  ශිෂ්‍යාවන්ද සහභාගි වී සිටිති.

පොළොන්නරු  ඉතිහාසය නැවත මතුකර  ගැනීමේ  පුරාවිද්‍යා  කැණිම්  සහ පර්යේෂණ වඩාත්  විද්‍යාත්මක මුහුණුවරකින්  ඉදිරි  කාලයේදී  සිදු කෙරෙන බවද මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන සඳහන් කළේය.

මේ අනුව පොළොන්නරු  ඉපැරණි  පුරාවිද්‍යා  භුමිය කේන්ද්‍ර කර ගනිමින් කිලෝ මීටර  50 ක් දුරට  විහිදුණු  සෝමාවතිය දිඹුලාගල මැදිරිගිරිය, මින්නේරිය ,නාගලකන්ද, ඇලහැර  බකමුණ ආදි  ප්‍රෙද්ශ  කරාද මෙම කැණිම් සහ පර්යේෂණ ඉදිරි වසරේ සිට ව්‍යාප්ත කිරිමට  බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසුවේය.