බටපොළ ප‍්‍රදේශයේ නිවාස ඉඳිකිරීම සඳහා මිලදී ගෙන ඇති සිමෙන්ති ප‍්‍රමිතියෙන් තොර බවට ලැබුණු පැමිණිල්ලක් මත වහාම පරික්‍ෂණ ආරම්භ කළ බව පාරිභෝගික අධිකාරීය කියයි.
එම පැමිණිල්ල කර ඇත්තේ අම්බලන්ගොඩ බටපොළ ප‍්‍රදේශයේ අලූතින් නිවාස හා තාප්ප බැදීම හා කොන්කී‍්‍රට් දැමීම සඳහා යොදා ඇති සිමෙන්ති සවි වී නැතැයි ප‍්‍රදේශවාසීහු වේ.
මෙම තත්වයට පත්ව ඇත්තේ එක් වර්ගයක සිමෙන්ති බවත් බටපොළ කහටපිටිය ඔලබැද්ද දොරළ මද්දේවිල යන ප‍්‍රදේශ වල නිවාස කිහිපයක ඉදිකිරීම් වැඩ කටයුතු සඳහා යොදාගත් සිමෙන්ති ප‍්‍රමිතියෙන් තොර වීම මීට හේතුව විය හැකි බව ඉඳිකිරීම් සම්බන්ධ කාර්මික නිලධාරීහු කියති.
බටපොළ පොල්උන්නාව ප‍්‍රදේශයේ පදිංචි ලොකුලියන රවිමල් නිශාන්ත (33) දෙදරු පියෙකි. ඔහු අප හා පැවසුවේ තමන් නිවසක් තැනීමට 6 : 1 සිමෙන්ති මිශ‍්‍රණය යොදා අලූත් නිවසට අත්තිවාරම් දැමීම සඳහා අගෝස්තු 27 වැනි දා උපයෝගී කරගත් සිමෙන්ති මෙතෙක් සවි නොවී ඇති බවත් අත්තිවාරම් දැමූ කළුගල් බැම්ම පයින් ගසා කඩා දැමීමට තරම් මේ වන විටත් හැකි බව ද හෙතෙම කියයි.
ප‍්‍රදේශයේ මේසන් බාස්වරුන් රාජ්‍ය ආයතන වල ඉංජිනේරු තාක්‍ෂණික කාර්මික නිලධාරීන් කිහිප දෙනෙකුම පැමිණ තමන්ට සිදු වී ඇති මේ අලාභය පිළීබඳව කරුණු සොයා බැලීමට තම නිවසට පැමිණි අවස්ථාවේ බොහෝ පිරිසකගේ අදහස වූයේ බාල ප‍්‍රමිතියෙන් තොර සිමෙන්ති තොගයක් මිලදී ගැනීම මීට හේතුව විය හැකි බවයි.
එක් සිමෙන්ති කොට්ටයක් රු.870.00 ක් ගෙවා සිමෙන්ති කොට්ට 10 කින් තම කුඩා නිවසේ අත්තිවාරම දැමීම කළේ අගෝස්තු 27 වැනි දා දින බවත් සැප්තැම්බර් 10 වන දින දක්වාම එම බැම්ම ශක්තිමත් නොවීම පිළිබඳව පාරිභෝගික අධිකාරීයට තමන් පැමිණිල්ලක් කල බව ද හෙතෙම කියයි.
අදාළ සිමෙන්ති සමාගමට තමන් අවස්ථා කිහිපයක් පැමිණිලි කළත් මාධ්‍යවේදීන් වෙත දැනුම් දීමෙන් පසු මාධ්‍යවේදීහු විසින් අදාළ සිමෙන්ති සමාගම දැනුවත් කළහ. සිමෙන්ති සමාගමේ තාක්‍ෂණ නිලධාරීයකු හා තවත් නිලධාරීන් දෙදෙනෙකු තම නිවසට පැමිණ නිවසින් ඉල්ලා ගත් ඉටි කවර කිහිපයකට අත්තිවාරම් බැඳීමට උපයෝගි කරගත් සිමෙන්ති වැලි හා අත්තිවාරමේ සිමෙන්ති මිශ‍්‍රණයන් සාම්පල් වශයෙන් ලබාගන්නා අවස්ථාවේ ඡායාරූප ගත කළ මාධ්‍යවේදීන්ට ද එම නිලධාරීන්ගෙන් අවහිරතා ඇති වූ බව ද ගම්වාසීහු කියති.
අදාළ සිමෙන්ති සමාගමේ නිලධාරීන් නිවැසියන්ට පැවසූයේ අත්තවාරම් බැම්ම බැඳීමට උපයෝගී කරගෙන ඇති වැලි නුසුදුසු තත්වයේ ඒවා බවයි. එම වැලි ගෙනැවිත් ඇති කැන්ටර් රියදුරා එකම ස්ථානයකින් මේ වර්ගයේම වැලි ගමේ තවත් ස්ථාන කිහිපයකටම ගෙනැවිත් දී ඇති බවත් ඇතැම් අය වෙනත් සිමෙන්ති වර්ග වලින් තාප්ප කොන්කී‍්‍රට් අත්තිවාරම් වැනි ඉඳිකිරීම් සිදු කර ඇති බවත් ඒවාට කිසිදු හානියක් නොවී ඇති බව ද පෙන්වා දී ඇත.
කොළඹ සිට පැමිණි සිමෙන්ති සමාගමේ නිලධාරීන් පසුව නිවැසියන්ගෙන් ප්ලාස්ටික් බදුන් කෝපප වීදුරු වැනි උපකරණ ඉල්ලාගෙන ඉතිරි සිමෙන්ති කොටස් හා වැලි කලවම් කර සිමෙන්ති මිශ‍්‍රණයන් සකස් කර පරීක්‍ෂණ කළද ඒවාද සාර්ථක නොවූ බව ගැමියෝ කියති.
නිලධාරීහු ද එම ප‍්‍රයන්තයන් අසාර්ථක වීමෙන් පසු නිවැසියන්ගේ ඉල්ලා ගත් පොලීතින් බෑග් කිහිපයකට සිමෙන්ති වැලි හා අත්තිවාරමේ කොටස් දමාගෙන කොළඹ පරික්‍ෂණාගාරයට ගෙනියන බවත් පරික්‍ෂණ වාර්තාව ලබන සඳුදා 14 වැනි දින ලබාදීමට හැකි බව ද පැවසීය.
එම ස්ථානයට පැමිණි මාධ්‍යවේදීයාගේ ඡායාරූප ලබාගැනීමට එම නිලධාරීන් කටයුතු කළේ ඔවුන්ගේ පරික්‍ෂණ කටයුතු ඡායාරූප ගත කිරීම නිසා බව ගම්වැසියෝ කියති.
දකුණු පළාත් පාරිභෝගික අධිකාරීයේ ප‍්‍රධාන විමර්ශන නිලධාරීන් බන්දුල පද්මලාල් මහතා සම්බන්ධ කරගැනීමට අප ගත් උත්සාහයේ දී එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ මෙම පැමිණිල්ල සම්බන්ධව වහාම පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි.





