
(වයි.ඵ්.ඵස් වීරවංශ සහ ලසන්ත නිරෝෂණ පෙරේරා)
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකුට කොරෝනා වයිරසය වැලදිම හේතුවෙන් අද ( 03) උදෑසන සිට විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව එහි උප කුලපති මහාචාර්ය උදය රත්නායක මහතා සඳහන් කළේය.
ඵ් අනුව අවසන් වසරේ හා විභාග වලට පෙනී සිටිමට නියමිතව සිටි සිසුන්ට අද (03) දින උදෑසන විශ්ව විද්‍යාලයෙන් පිටවන වන ලෙස පාලනාධිකාරිය විසින් දන්වා තිබේ.
පාලනාධිකාරිය විසින් වැඩි දුරටත් සිසුන්ට දන්වා ඇත්තේ හැකිතාක් පුද්ගලික වාහන භාවිතා කරමින් නිවෙස් වලට පිටවන ලෙසයි ඵ් පිළිබඳව දෙමාපියන්ට ද දන්වා යැවු බව උප කුලපති වරයා සදහන් කලේය.
විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමුවද කාර්ය මංඩලය සේවයට වාර්තා කල යුතු බවත් සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් සේවා කටයුතු සිදු කරන ලෙසට දන්වා තිබේ.

