කැලෑවලින් විවිධ හේතු මත බේරා ගන්නා වන සතුන් යළි කැලෑවට මුදා නොහැර සත්වෝද්‍යාන වලට ගෙන යාම වැළැක්වීමට පියවර ගන්නැයි ඔටාරා පදනම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලීමක් කර ඇත.
වනයේ අතරමංව සිටියදී බේරා ගත් වලස් පැටවුන් සිව් දෙනා සහ දිවි පැටවා පින්නවල සත්වෝද්‍යානය වෙත ගෙන යාම පළමුව වළක්වන්නැයි ද එම පදනම යැවූ ලිපිය මගින් ඉල්ලා ඇත.
වඳ වෙමින් පවතින බැවින් ශ්‍රී ලාංකික ආවේනික වලසා රතු දත්ත පොතට ද ඇතුළත් කර ඇති නමුත් වනයෙන් මුදාගෙන සිටින වලස් පැටවුන් තිදෙනෙක් හම්බන්තොට සෆාරි උද්‍යානයේ රඳවා සිටින බවත් නිදහසේ ජීවත්වීමට සතුන්ට ඇති අයිතිය තහවුරු කරන ලෙස ද එම ලිපිය මඟින් ඉල්ලා ඇත.

