'කඩුවෙල බබී' එස්ටීඑෆ් අත්අඩංගුවට


( දිල්රුක්ෂි ග්‍රේරු )

පාතාල නායක  අංගොඩ ලොක්කා  නැමැත්තාගේ ගෝලයකු බව කියන  කඩුවෙල බබී නැමැත්තා  හෙරොයින්  සහ කේරළ ගංජා  සමඟ   අද ( 20) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් එහු අත්අඩංගුවට ගෙන  ඇත.

 ඔහු සතුව තිබු කේරල ගංජා  කිලෝග්‍රෑම් 1 ක් සහ හෙරොයින්  ග්‍රෑම් 600 ක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.